ඌව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිල අන්තර්ජාල බිහිදොර වෙත

සාදරයෙන් පිළිගනිමු ..!

අපගේ සේවාවන්

  1. ඌව පළාත තුළ ඇති වාරි කර්මාන්ත සංවර්ධනය කිරීම යටතේ
    නව වාරිමාර්ග ඉදිකිරීම
    සුලු වාරිමාර්ග සංවර්ධනය කිරීම
    වාරි පද්ධති වැඩි දියුණු කිරීම තුළින් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම.
  2. රටේ ආර්ථිකයට පිටුවහලක් වන කෘෂි නිෂ්පාදන වැඩි කර ගැනිමට දායක වීම
  3. ගොවි පවුල් වල ආර්ථිකය වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළට ගෙන ඒම හා මනා ශරීර සෞඛ්‍යයෙන් යුත් බුද්ධිමත් ගුණධර්ම වලින් හා සාරධර්ම වලින් සැදුම්ලත් ජන කොට්ඨාශයක් සමාජයට එකතු කිරීම
  4. වගා ඉඩම් නොමැති පවුල් වලට වාරිමාර්ග පහසුකම් සහිත ඉඩම් හිමිකර දීම හා පවතින ඉඩම් තවදුරටත් සරුසාර කර ගැනීමට උදවු වීම.
  5. ස්වයං රැකියා අවස්ථාවන් උදාකර දීම.
  6. ජල පෝෂිත සුරක්ෂිත කර දිම හා පරිසර කළමණාකරණය කිරීම තුළින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කර දීම.

දැක්ම

පිබිදෙන ඌව වෙල්ලස්සට දිරිදෙන නිල් දියවර

මෙහෙවර

අහසින් වැටෙන සෑම දිය බිදුවකම අගය සුරැකෙන වාරි පද්ධතියක් සකස් කිරීම තුළින් ඌව පළාතේ සංවර්ධනයට දායක වීම.