Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව නිතර අසන පැන

නිතර අසන පැන

 
  • බදුල්ල, පිංගරාව පිහිටි පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප‍්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු හමු වී ව්‍යාපෘති යෝජනා ආකෘති පත‍්‍රයක් ලබා ගත යුතුය. එය පහත ආකාරයෙන් සම්පූර්ණ කර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත භාර දිය යුතුය.


  • 1) අදාල ගොවි සංවිධානයේ සභාපති / ලේකම් / භාණ්ඩාගාරිකගේ අත්සන් ලබා ගත යුතුය.
    2) ගොවිජන සේවා බල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශිය නිලධාරීගේ නිර්දේශය ලබා ගත යුතුය.
    3) ප‍්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශය ලබා ගත යුතුය.
    වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඍජුව ක‍්‍රියාත්මක කරනු ලබන කර්මාන්තයක් නම්,
    1) දෙපාර්තමේන්තුවේ සිටන කාර්මික නිලධාරී මහතාගේ ක්ෂේත‍්‍ර පරීක්ෂණයෙන් පසු අදාල කර්මාන්තය සංවර්ධන සැලැස්මට ඇතුලත් කිරීමට සුදුසු යැයි නිරීක්ෂණය වුවහොත් ඇස්තමේන්තු සකස් කර ප‍්‍රධාන වාරිමාර්ග ඉංජිනේරුගේ නිර්දේශය හා පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂගේ අනුමැතිය මත ක‍්‍රියාත්මක සැලැස්මට ඇතුලත් කරනු ලැබේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ක‍්‍රියාත්මක කරනු ලබන කර්මාන්තයක් නම්,
    2) ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිටන කාර්මික නිලධාරී මහතාගේ ක්ෂේත‍්‍ර පරීක්ෂණයට අනුව අදාල කර්මාන්තය සංවර්ධනය කිරීමට සුදුසු යැයි නිරීක්ෂණය වුවහොත් ඇස්තමේන්තු සකස් කොට ප‍්‍රාදේශිය ලේකම්තුමාගේ නිර්දේශය යටතේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලබා දීමෙන් පසු ක‍්‍රියාත්මක සැලැස්මට ඇතුලත් කරනු ලැබේ.
    ලියාපදිංචි කරනු ලබන වර්ෂය සඳහා පහත සඳහන් ආකෘති පත‍්‍රය සම්පූර්ණ කොට ඌව පළාත් සභාවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොන්ත‍්‍රාත්කරුවෙකු වශයෙන් ලියාපදිංචි විය හැක.
    ලියා පදිංචි විම සඳහා අයදුම් පත්‍රය භාගත පිටුවෙන් ලබා ගන්න.
    පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කර්මාන්ත ටෙන්ඩර් කිරීම සඳහා කරනු ලබන ප‍්‍රසිද්ධ පුවත්පත් දැන්වීමට අනුව අදාල වර්ෂය සඳහා ලියාපදිංචි වී ඇති කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් මිළ ගණන් කැඳවනු ලැබේ. එම දැන්වීමට අනුව ඉල්ලුම් කළ හැකිය.
    ටෙන්ඩර් කරන ලද කර්මාන්ත සඳහා
    කාර්යාලයෙන් කරනු ලබන දැන්වීමකින් පසු ගිවිසුම්කරු හා සාක්ෂි වශයෙන් දෙදෙනෙකුද ඇතුලත්ව තිදෙනෙක් සහභාගී විය යුතුය. (වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ දී ගිවිසුම් අත්සන් කරනු ලැබේ.)
      ගොවි සංවිධාන මඟින් කරනු ලබන කර්මාන්ත සඳහා
    • පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය මඟින් අත්සන් කරනු ලබන ගිවිසුම්

      කාර්යාලයෙන් කරනු ලබන දැන්වීමකින් පසු ගොවි සංවිධානයේ සභාපති / ලේකම් හෝ භාණ්ඩාගාරික හා සාක්ෂි වශයෙන් දෙදෙනෙක්ද ඇතුලුව හතර දෙනෙකු සහභාගී විය යුතුය. (වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ දී ගිවිසුම් අත්සන් කරනු ලැබේ.)

    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අත්සන් කරනු ලබන ගිවිසුම්

    • කාර්යාලයෙන් කරනු ලබන දැන්වීමකින් පසු ගොවි සංවිධානයේ සභාපති / ලේකම් හෝ භාණ්ඩාගාරික හා සාක්ෂි වශයෙන් දෙදෙනෙක්ද ඇතුලුව හතර දෙනෙකු සහභාගී විය යුතුය. (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ගිවිසුම් අත්සන් කරනු ලැබේ.)


    1) අදාල ගිවිසුමට අනුව වැඩ අවසන් කළ යුතුය.
    2) වාරිමාර්ග අධ්‍යක්ෂ හෝ ප‍්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු හා කාර්මික නිලධාරිගේ අධීක්ෂණයෙන් පසු ඔබ අවසන් කරනු ලබන කර්මාන්තයේ වැඩ කොටස් සඳහා පළමු වන, දෙවන වශයෙන් කොටස් ගෙවීම් ලෙස හෝ අවසන් බිල්පත ලෙස බිල්පත් ඉදිරිපත් කළ හැකිය.
    3) බිල්පත සැලසුම් ශිල්පිගේ පරීක්ෂාවෙන් පසු ප‍්‍රධාන ඉංජිනේරුගේ නිර්දේශය හා පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂගේ අනුමැතිය හා ගණකාධිකාරීගේ වියදම් සහතිකයෙන් පසු ගෙවීම් කරනු ලැබේ.
     
    අප්‍රේල් 2019
    බ්‍ර සි සෙ
    31 1 2 3 4 5 6
    7 8 9 10 11 12 13
    14 15 16 17 18 19 20
    21 22 23 24 25 26 27
    28 29 30 1 2 3 4

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය